කොරෝනා මට ලොකු නෑ! මං ඇමතිකමේ හිටියා නම් දවස් තුනෙන් කොරෝනා ඉවරයි! – රාජිත

April 8, 2020 at 11:49 am | by emanisa.lk

තමන් සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සිටියේ නම් කොරෝනා වසංගතය දින තුනකින් අවසන් කරන බව හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පවසා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සංගමයේ උපලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පෙන්වා දෙන්නේ කොරෝනා මර්දනය සඳහා රජය විසින් පත්කර ඇති කමිටුවක සාමාජිකයන් ලෙස කටයුතු කරන්නේ හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නගේ හිතවතුන් පිරිසක් බවයි.

එවන් තත්ත්වයකදී එම කමිටුවෙන් නිවැරදි ක්‍රියාමාර්ග සිදු වේ දැයි සැක සහිත බව ද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස