කොරෝනා භීතියෙන් නීතිපති දෙපාර්තමේන්තුව වසා දැමේ!

April 21, 2020 at 8:48 am | by emanisa.lk

නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන ආරක්ෂක නිලධාරිනියක කොළඹ අලුත්කඩේ බණ්ඩාරනායකපුර පිහිටි කොරෝනා රෝගය වැළඳුන පිරිසක් පදිංචි නිවසකින් ආහාර ලබාගෙන ඇති බවට අනාවරණය වීම නිසා එම දෙපාර්තමේන්තුව විෂබීජ හරණයට ලක්කර නිසි ආරක්ෂක පියවර ගන්නා තෙක් නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට ඊයේ (20) පියවර ගෙන ඇත.

නීතිපති දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශය බාර අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන විසින් නීතිපතිවරයාගේ උපදෙස් මත නිකුත් කළ ලිපියකින් එම දෙපාර්තුමේන්තුවේ සේවය කරන සියලුම නිලධාරීන්ට මේ බව දැනුම්දී තිබේ.

එම ආරක්ෂක නිලධාරිනිය ඇතුලූ පෞද්ගලික ආරක්ෂක ආයතනය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබූ ආරක්ෂක නිලධාරීන් සිව් දෙනකුද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටත් ඔවුන් භාවිත කළ මුරකුටි, කාමර සහ පිළිගැනීමේ කවුළුවද විෂබීජ හරණයට ලක්කර මුද්‍රා තැබීමටත් සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන තිබේ.

අදාල ආරක්ෂක නිලධාරිනියට ආහාර සැපයූ නිවසේ කාන්තාවකට සහ ආහාර රැගෙන නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණි පිරිමි දරුවකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු කරගැනීමෙන් අනතුරුව ආරක්ෂිත පියවරක් ලෙස මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව කිසිදු නිලධාරියකුට ඇතුළු වීමට නොහැකි වන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස