කොරෝනා බියෙන් මිදෙන්න පිරිත් සජ්ඣායනා කරන්න!

October 24, 2020 at 8:00 am | by emanisa.lk

රට තුළ ඇති වී තිබෙන කොරෝනා ව්‍යාප්තිය පාලනය වී ජනතාවට නිරෝගී සුවයෙන් ජීවත්වීම සඳහා අවශ්‍ය පරිසරය උදාකර දීමට රටපුරා සියලු විහාරස්ථානවල රතන සූත්‍රය හා බොජ්ජංග සූත්‍රය ගායනා සඤ්ඤායනා කරන්නට සංවිධානය කරන්නැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලිඛිතව දන්වා යවා තිබේ.

මෙම අවස්ථාවන් සංවිධානයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට විහාරාධිපති හිමිවරුන් දැනුවත් කරන ලෙසද ලිපියේ දැක්වේ.

මෙම වැඩපිළිවෙළට සමගාමීව 24 වැනිදා සිට 29 වන දින දක්වා ප‍්‍රධාන නගර කිහිපයකම එවැනි පිරිත් සජ්ජායනා පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස