කොරෝනා පාලනය කළ හැකි සුපිරි දක්ෂයෝ ඉන්නේ සමගි ජනබලවේගයේ! – සුජීව

April 25, 2020 at 4:10 pm | by emanisa.lk

කොරෝනා වසංගතය පාලනය කළ හැකි දක්ෂ කණ්ඩායමක් සමගි ජනබලවේගය සතුව සිටින බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සඳහන් කරයි.

මේ බව ඉතා ඉක්මනින් ජනතාවට දැනුම් දෙනු ඇති බවත් ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

පසුගිය සමයේ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වීඩියෝ නිකුත් කරමින් කොරෝනා සඳහා ඖෂධ නියම කරනු දැකගත හැකිවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස