කොරෝනා පාලනය කරන්න මෙතෙක් ගත් ක්‍රියාමාර්ග සියල්ල වතුරේ ගියා! – අනිල් ජාසිංහ –

March 28, 2020 at 10:44 am | by emanisa.lk

කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදුන් උපදෙස් නොතකා ජනතාව මහ මගට පැමිණ ගමන් බිමන් යාමට පටන් ගැනීම හේතුවෙන් මෙතෙක් දිනක් කළ කැප කිරීම් සියල්ල අවුල් වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී මෙතෙක් ඉතිහාසයේ කිසිදා සිදු නොවූ පරිදි මාර්ගවල වාහන විශාල ලෙස ඊයේ (27 දිනයේ ධාවනය වූ බවත් ජනතාව ආරක්ෂාව පිළිබඳ කිසි තැකීමක් නොකර සුපුරුදු පරිදි මාර්ගවලට පැමිණි සිටි බවත් ඔහු සඳහන් කළේය.

පසුගිය 19 දා සිට කලාප වශයෙන් ඇඳ රටපුරා ඇදිරි නීතිය පනවා මෙම වෛරසයෙන් ජනතාව ආරක්ෂා කිරීමට බලධාරීන් ගත් ක‍්‍රියාමාර්ග ඊයේ පෙරවරුවේ අවුල් වූ තත්ත්වයක් දක්නට ලැබුණු බවද ඔහු පැවසුවේය.

පොලිස් ඇඳිරි නීතිය එකේ පනවා ඇති මොහොතක ජනතාව සාමාන්‍ය නිවාඩු දිනයක මෙන් නිදහසේ මහ මග සැරිසරමින් කටයුතු කළේ කෙසේ දැයි යන්න පිළිබඳව සිතාගැනීමටවත් නොහැකි බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස