කොරෝනා පාලනයට නැනෝ බල්බයක්! ගුවන්තොටුපළේ සවිකරයි! ලංකාවේ විද්‍යාඥයෙකුගේ වැඩක්!

January 29, 2020 at 7:21 am | by emanisa.lk

කොරෝනා වයිරසය වාතය හරහා කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීම නවත්වන්නට හැකි නැනෝතාක්ෂණය උපයෝගී කර ගෙන සැකසූ විසඳුමක් මීට වසර 7 කට පෙර නිපදවන්නේ අභිමානවත් ශ්‍රීලාංකීය විද්‍යාඥයෙකු වූ මංජු ගුණවර්ධන මහතාය..

එම උපකරණය නැනෝ අංශු සහිත බල්බයකින් සමන්විත වන අතර එය වායුගෝලයේ ඇති විෂ අංශු, බැක්ටීරියා සහ වෛරස් ඉවත් කරයි.. එම නිපැවුම සඳහා එක්සත් ජනපදය විසින් නිකුත් කරන ලද පේටන්ට් බලපත්‍රයද ගුණවර්ධන මහතා සතුය..

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ (SLINTEC) නැනෝ තාක්ෂණය පිළිබඳ උපදේශකයකු වන ඔහු නිර්මාණය කල ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ එම උපකරණ පද්ධතියක් රජයේ මැදිහත් වීමෙන් අද කටුනායක ගුවන් තොටුපලේ මගීන් සුලභව ගැවසෙන ස්ථානවල සවි කරන ලදී..

ඒ අනුව අද සිට සියළු ගුවන් මගීන් ගුවන් තොටුපල තුලදී වාතය හරහා කොරෝනා වෛරසයේ ගොඳුරු බවට පත් වීමෙන් වැලකෙනු ඇත..

ඒ විශිට ශ්‍රීලාංකිකයාට ආචාරය..!!!

Wishwa Chinthana

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස