කොරෝනා ප්‍රහාරයෙන් ආසිරි රෝහල හාන්සියි! රෝහල් කාර්ය මණ්ඩලයෙන් කොටසක් නිරෝධායනයට!

March 28, 2020 at 4:31 pm | by emanisa.lk

කොළඹ නාරාහේන්පිට ආසිරි මෙඩිකල් පුද්ගලික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි රෝගියකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වි තිබේ. ඔහු තමන්ගේ තොරතුරු රෝහල් බලධාරීන්ට වසන් කර රෝහලේ නවාතැන්ගෙන සිටින අතර රෝග ලක්ෂණ ගැන ඇතිවූ සැකයට සිදු කළ පරීක්ෂණයේදී කොරෝනා ධනාත්මකවී ඇත.

මෙම රෝගියා ඇතුළත්වීමේදී තමන්ගේ රෝග ලක්ෂණ හා හැසිරීම් ඉතිහාසය ගැන හරිහැටි කරුණු ඉදිරිපත් නොකිරීම නිසා ආසිරි කාර්ය මණ්ඩලය කොරෝනා පරීක්ෂාවට අවශ්‍ය පුද්ගලයෙකු ලෙස සලකා දුරස්ථව ඔහුට මුලදී ප්‍රතිකාර කර නොමැත. එහෙයින් මොහු සමග ගැවසුණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අසීරුතාවට ලක්ව ඇති අතර මේ වන විට ඔවුන් නිවාඩු ගන්වා ඇති අතර ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

රෝගියා තොරතුරු වසන්කර පෞද්ගලික රෝහලට ඇතුළත් වීමේදී භාරකරු ලෙස පැමිණි ඔහුගේ ඥාතියාද ඔහු පිළිබඳ තොරතුරු වසන් කර ඇති බවද දැනට හෙළි වී ඇත. මෙයට පෙර රාගම රෝහලට ද තොරතුරු වසන් කර කොරෝනා රෝගියකු ඇතුළු කිරීම නිසා රෝහල් කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට සිදු විය.

මේ පිළිබඳ ආසිරි රෝහල සිය ෆේස්බුක් ගිණුමෙහි තබා ඇති සටහනක් මෙසේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස