කොරෝනා පතුරුවන කුමන්ත්‍රණයක්! රෝගීන් තිදෙනෙකු ගැන විමර්ශන ඇරඹෙයි!

March 30, 2020 at 10:46 am | by emanisa.lk

කොරෝනා වෛරසය තවත් පැතිරවීමට ඇතැමුන් චේතාන්විතව කටයුතු කළේ දැයි සැකයක් විමර්ශන කටයුතුවලදී මතුව තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

මේ දිනවලදී කොරෝනා වෛරසය වැළඳුණු ඇතැම් රෝගීන් ගේ හැසිරීම ගැන සැලකිලිමත් වීමේදී මේ බව හෙළි වන බවත්ඇතැම් රෝගීන් ඒ තරමටම තොරතුරු වසන් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව අසත්‍ය තොරතුරු ලබා දුන් රෝගීන් තිදෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ද ඔහු පැවසීය.

ඔවුන් නිසි ලෙස සත්‍ය තොරතුරු ප්‍රකාශ නොකර රෝහලට ඇතුළත්ව ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස