කොරෝනා නිසා ලෝකෙම බඩු ගණන් පහත වැටිලා! බඩු නැග්ග එකම රට ලංකාවයි! – රනිල් (video)

June 4, 2020 at 11:37 am | by emanisa.lk

කොරෝනා ව්‍යාප්තිය නිසා ලෝකයේ අනෙක් රටවල භාණ්ඩ මිල අඩු වී ඇතත් ලංකාවේ මිල ඉහළ ගොස් ඇති බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ලෝකය පුරා භාණ්ඩ ඉල්ලුම අඩු වීම නිසා මිල පහළ ගිය බව ද ඔහු පවසයි.

එහෙත් ඉල්ලුම අඩු වී බඩු මිල ඉහළ ගිය එකම රට හැටියට ලංකාව පත් වී තිබෙන බවද ඔහු පැවසීය.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසා ලංකාවේ බඩු මිල ඉහළ ගියේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.

මෙවර මහ මැතිවරණයට එජාපයෙන් තරඟ වදින මහනුවර දිස්ත්‍රික්ක කණ්ඩායම සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස