කොරෝනා නිසා ලක්ෂ 650ක් මැරෙන්න පුළුවන්! ලංකාවේ ආසාදිතයන් හඳුනාගන්නවත් පහසුකම් නෑ! – එජාපය –

January 29, 2020 at 11:04 pm | by emanisa.lk

චීනය මූලික කරගෙන පැතිරි යන නව කොරෝනා වෛරසය හේතුවේන් ලොව පුරා මිලියන 65ක පමණ ජනතාවක් මිය යා හැකි බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ සඳහන් කරයි.

ඇමරිකානු විද්‍යඥයෙක් මේ බව කියා ඇති බව  අද (29) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු අනාවරණය කළේය.

ශ‍්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා ප්‍රමාණවත් පරිදි පර්යේෂණාගාර පහසුකම් නැති බවද හෙතෙම සඳහන් කළේය.

එහෙයින් ආණ්ඩුව ඉක්මනින්ම කළ යුත්තේ පර්යේෂණාගාර සඳහා එම පහසුකම් වහා ලබා දීම බව ආශු මාරසිංහ එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස