කොරෝනා නිසා ඉන්දියායේ ලක්ෂ ගණනකට පීඩා! දහස් ගණන් ආසාදිතයන් බෝට්ටුවලින් ලංකාවට පැමිණීමේ අවදානමක්! – බුද්ධි අංශ අනතුරු අඟවයි….

June 16, 2020 at 9:11 am | by emanisa.lk

කොරෝනා රෝගය ආසාදනය වූ ඉන්දීය ජාතිකයන් නීති විරෝධී අයුරින් මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවලින් මෙරටට ඇතුළු වීමේ අවදානමක් ඇති බවට බුද්ධි අංශ අනතුරු අඟවයි.

මෙම පිරිස් මුහුදු මාර්ග ඔස්සේ මන්නාරම, යාපනය, හලාවත, පුත්තලම වැනි ප‍්‍රදේශවලින් මෙරටට ඇතුළු වීමට ඉඩ ඇති බව ද බුද්ධි අංශ කියා සිටියි.

කොරෝනා රෝගය ඉන්දියාව පුරා ඉතා තදින් ව්‍යාප්ත වෙමින් යන අතර රෝගය ආසාදනය වූ පුද්ගලයන්ට නිසි ප‍්‍රතිකාරයක් නොලැබෙන බව ද වාර්තා වෙයි.

එමෙන්ම කොරෝනා රෝගය තදින් ව්‍යාප්ත වීම නිසා ඉන්දීය ජාතිකයන් වැඩි පිරිසකට රැකියා අහිමි වී ඇති අතර ආහාර, ඇඳුම් වැනි මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකිව ලක්ෂ ගණනක් ජනතාව දැඩි පීඩාවට ලක් වෙමින් සිටිති.

මේ හේතුව නිසා අසරණ තත්ත්වයට පත්ව සිටින ඉන්දීය ජාතිකයන් බෝට්ටුවල නැඟී ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබී ඇති බව ද බුද්ධි අංශ ආරංචි මාර්ග කියා සිටියි.

ශ්‍රී ලංකාව තුළ ඉතාම සාර්ථක අන්දමින් කොරෝනා රෝගය පාලනය කරන තත්ත්වයක සිටියදී මේ ආකාරයට එම රෝගය ආසාදනය වූ පුද්ගලයන් රටට ඇතුළු වුවහොත් බරපතළ තත්ත්වයක් උදාවනු ඇති බව ද බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස