කොරෝනා නිට්ටාවට සුව කරනවා! නොහැදුණු අයට කිසිදා හැදෙන්නේ නෑ! රට බේර ගන්න මම සූදානම්! – විස්මිත කොරෝනා බෙහෙත සොයාගත් හෙළ වෙදැදුරු ධම්මික බණ්ඩාර…

November 30, 2020 at 10:24 pm | by emanisa.lk

කොරෝනා වසංගත රෝගය සඳහා තමා සොයා ගත් ඖෂධය නිරෝගී අයකු දවස් දෙකක් පානය කළ පසු නැවත කිසි දිනක එම රෝගය ඔහුට නො වැළඳෙන බව හෙළ වෙදැදුරු ධම්මික බණ්ඩාර පවසයි.

එසේ ම රෝගය වැළඳුණු අයකු දින තුනක් එම ඖෂධය පානය කළ විට නිට්ඨාවට සුව වන බව ඔහු අවධාරණය කරයි.

වතුපිටිවල කොවීඩ් මර්දන මධ්‍යස්ථානයේ පසුගියදා අත්හදා බලා 100%ක් සාර්ථක ප්‍රතිඵල පෙන්වූ ඖෂධය නිෂ්පාදනය කළේ මෙම වෛද්‍යවරයා විසිනි.

සිය ඖෂධය නිෂ්පාදනය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ලෙසත් එමගින් මේ රටේ ජනතාව කොරෝනා වසංගතයෙන් මුදවා ගැනීමට උදව් වන ලෙසත් ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

එසේ ම මෙම ඖෂධය අත්හදා බැලීම සඳහා චක්‍රලේඛ නොතකා කටයුතු කළ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයාට චක්‍ර ලේඛ ඉදිරියට දමමින් හිරිහැර නොකරන ලෙසත් ඔහු ඒ සඳහා මැදිහත් වූයේ යහපත් චේතනාවෙන් බවත් වෙදැදුරු ධම්මික බණ්ඩා සඳහන් කළේ ය.

යූටියුබ් නාළිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *