කොරෝනා ගැන අපි රටට කිව්වේ ඇත්ත නෙමෙයි, එහෙන් මෙහෙන් ඇහුණ ඕපදූප! – රාජිත

March 20, 2020 at 7:39 pm | by emanisa.lk

මෙරට තුළ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශ සියල්ල නිල නොවන මාර්ගවලින් තමන්ට ලැබුණු තොරතුරු අනුව සිදුකළ බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

කොළඹදී අද(20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරුන් මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසා සිටියේ, තමාට හා සරත් ෆොන්සේකාට වැරදි ඇති තැන් ගැන සොයා බලන බව පවසන බවයි.

මැතිවරණ කොමිසමෙන් පොලිස් කොමිසම ස්වාධීන වන ආකාරය ඉගෙන ගත යුතු යැයි ද පැවසු හෙතෙම, මැතිවරණ කොමිසම තම රාජකාරිය ලස්සනට ඉටු කරන බවත් පැවසීය.

මේ අතර මෙහිදී අදහස් දැක්වු සරත් ෆොන්සේකා පවසා සිටියේ, තමා දැන් සාමාන්‍ය පුරවැසියෙක් බවයි.

ඒ නිසාවෙන් නිල ආරංචි මාර්ග කිසිවක් නොලැබෙන බවත් පැවසු ඔහු, ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට නම් සමාජ මාධ්‍ය තුළින් ඇති වෙන යම් යම් කතා බහ විශ්වාස කිරීමට සිදුවන බවත් පැවසීය.

පාසල් සිසුන් 10  දෙනෙකුට කොරෝනා වෛරස ආසාදනය වු බවට පැවසීමට තොරතුරු සනාත කර ගනු ලැබුවේ කොහෙන්ද යන්න පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් විසින් රාජිත සේනාරත්නගෙන් ප්‍රශ්න කළේය.

එයට පිළිතුරු දෙමින් ඔහු පවසා සිටියේ, අදාළ පාසලේ දෙමාපියන් විසින් ඒ බව පැවසු බවයි.

සමහරු තොරතුරු ලබා දෙන්නේ ජනතාවට ඒ පිළිබඳ සොයා බැලීමට බවත් ඒ පිළිබඳ කලබලවිය යුතු නැතැයි ද පැවසීය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *