කොරෝනා කියලා හැමදාම ඡන්ද කල්දාන්න බෑ! කොමිසම රැස්වී තීන්දුවක් ගත යුතුයි! – මහින්ද

April 29, 2020 at 11:03 am | by emanisa.lk

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව රැස්වී තීරණයක් ගත යුතු බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහු පවසන්නේ මැතිවරණය පැවැත්විම සම්බන්ධයෙන් ඊට අදාල සියලු පාර්ශව සමඟ සාකච්ඡා කළ යුතු බවයි.

මැතිවරණය පැවැත්වීම සඳහා දින 35ක්වත් සාමාන්‍ය පරිදි කටයුතු කිරීමෙි පරිසරයක් ඇති විය යුතු බවත් මලමිනි මතින් ඡන්ද පැවැත්වීමට නොහැකි බවත් ඔහුුු පෙන්වා දෙයි.

කෙසේ වුවද කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ඡන්ද විමසීම දින නියමක් නොමැතිව කල්දැමිම සිදු කළ නොහැකි බව ද සභාපතිවරයා පවසයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස