කොරෝනා එන්නත් ලබා දීමේ දී මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛත්වය දිය යුතුයි….! – කතානායක…

February 2, 2021 at 9:57 pm | by emanisa.lk

කොරෝනා මර්දන එන්නත පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ද ලබාදීමට සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම තම වගකීමක් බව ද ඔහු පවසයි.

මන්ත්‍රීවරුන් ජනතාව සමඟ නිතර ගැටෙන නිසා මන්ත්‍රීවරුන්ට ද ප්‍රමුඛත්වය දක්වා එන්නත ලබාදීම වැදගත් බව ද ඔහු සඳහන් කළේ ය.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට ද එය වැදගත් වනු ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

මේ අතර වාර්තා වන්නේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු ඊයේ දින එන්නත් ලබාගෙන ඇති බවයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *