කොරෝනා මැද වැඩි මිලට බඩු විකිණූ කප්රුකට වැඩ වරදී! පාරිභෝගික අධිකාරිය බඩුත් සමග අල්ලා නඩු පවරයි! (video)

March 25, 2020 at 9:13 pm | by emanisa.lk

වෙළෙඳපොළේ පවතින සාමාන්‍ය මිලට වඩා දෙගුණයක් වැඩි මිලට අත්‍යාවශ්‍ය භාණ්ඩ අන්තර්ජාලය හරහා අලෙවි කළ කප්රුක ආයතනය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව එම නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සමඟ අද (25) කිරුළපන පිහිටි එම ආයතනය පරික්ෂාවට ගොස් තිබේ.

ඒ වන විටත් භාණ්ඩ 5000ක් පමණ අලෙවි කිරීමට සකස්  කර තිබුණු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඒ.ඒ.ජසූර්  මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන මෙම කාලය තුළ පාරිභෝගික අධිකාරියේ වෙබ් අඩවියට එවැනි පැමිණිලි ඉදිරිපත් කිරීමේ පහසුකම් සලසා ඇති හෙයින් එවැනි පැමිණිල්ලකට අනුව මෙම ආයතනය පරීක්ෂාවකට පැමිණ තිබුණි.

පාරිභෝගික පනත උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති කප්රුක ආයතනයට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරියේදී නඩු පවරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඒ.ඒ.ජසූර් සඳහන් කළේය.

දැනට වැඩි මිලට අලෙවි කර ඇති භාණ්ඩවලට අදාළව නැවත බිල් සකස් කර වැඩියෙන් අයකර තිබෙන මුදල් යළි එම පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙසද කප්රුක ආයතනයට පාරිභෝගික කටයුතු පිළිබඳ  අධිකාරිය නියෝග කර තිබේ.

රුපියල් 100ක සැමන් ටින් එක රු.550කටත්, පාන් පිටි 1kg රු.350කටත් කප්රුක ආයතනයෙන් අලෙවි කර තිබුණි. එපමණක් නොව සියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවතින මිලට වැඩ වැඩි මිලට කප්රුක ආයතනයා විසින් පාරිභෝගිකයන්ට ලබා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස