කොරෝනා ඇති වුණේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ වරදින්! – සජිත්

October 17, 2020 at 1:59 pm | by emanisa.lk

කොරෝනා දෙවැනි රැල්ල ඇති වුණේ ආණ්ඩුවේ නො සැලකිල්ල නිසා බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

ආණ්ඩුව දේශපාලන බල අරගලය අතහැර වහාම ජනතාවට සහන සැපයිය යුතු බවත් පීඩාවට පත් අයට සහන ලබා දීමේ ක්‍රියාවලියකට වහා අවතීර්ණ විය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුව අද වන විට කොරෝනා සමග සෙල්ලම් කරමින් මූලිකත්වය දී ඇත්තේ විසි වෙනි සංශෝධනයට බවත් ඔහු සඳහන් කරයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරන්නේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස