කොරෝනා ආසාදිත වාසු රෝහල්ගත වෙන්න බෑ කියයි…! තවමත් නිවසේ…!

January 12, 2021 at 12:02 am | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර රෝහල් ගත වීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

ඇමතිවරයා මේ වන විට තම නිවසේ රැඳී සිටින බව ද දැනගන්නට ඇත.

සෞඛ්‍ය බලධාරීන් විසින් අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්න ද ඇමතිවරයා පවසා ඇත්තේ තමන් නිවසට වී සිටින බවයි.

කෙසේ වෙතත් පවතින නීති රෙගුලාසි අනුව කොරෝනා ආසාදිතයන් රෝහලේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කළ යුතු නිසා ඇමතිවරයා එම ස්ථානයකට ගෙන යාමට තවදුරටත් සෞඛ්‍ය බලධාරීන් උත්සාහ දරමින් සිටින බව වාර්තා වෙයි.

 387 total views,  3 views today

 
 


Leave a Reply

Your email address will not be published.