කොරෝනා ආසාදිත ලාංකිකයන් ගණන 10යි! සඳුදා ප්‍රසිද්ධ නිවාඩු දිනයක් කෙරේ!

March 14, 2020 at 11:25 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් තිදෙනකු හමුව තිබේ.

සෞඛ්‍යය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ  මේ බව තහවුරු කරයි.

ඉන් එක් අයෙක් ඉතාලියේ සිට මෑතකදී මෙරටට එන ලද 57 හැවිරිදි කාන්තාවකි.

තවත් ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථථානයේ ප්‍රතිකාර ලබන 42 හැවිරිදි පුද්ගලයකුට ද කොරෝනා වැළඳී තිබේ.

අනිත් පුද්ගලයා දැනට කොරෝනා ආසාදනය වී සිටින අයෙකුගේ ඥාති ඥාතියෙන් වන 17 හැවිරිදි තරුණියකි.

ඒ අනුව මෙරට තුළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර සඳුදා (16) දිනය රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශය සඳහා ම නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස