කොරෝනා ආසාදිත නාවික සෙබළුන් හඳුනා ගැනීම අවසන් අදියරේ! – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

April 29, 2020 at 1:15 pm | by emanisa.lk

අතරින් 21ක් නාවික හමුදා සාමාජිකයින් බවත් ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයින් 06 දෙනෙක්ටද වෛරසය වැලදී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

මීට අමතරව යුධ හමුදා සාමාජිකයින් සිව් දෙනෙක්ටද කොරෝනා වෛරසය වැළඳී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළ්ය.

ඊයේ ආසාධනයට පත්වූ බවට හෙළිවූ නාවික හමුදා සාමාජිකයින් ගෙන් 15 දෙනෙක් වැලිසර පිහිටි නාවික හමුදා කඳවුරෙන්ද සෙසු පිරිස මැදිරිගිරිය, අගලවත්ත, හබරණ යන ප්‍රදේශයන් ගෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියේය.

නාවික හමුදාවේ කොරෝනා ආසාධිත සෙබළුන් හඳුනා ගැනීමේ අවසන් අදියරට එළඹ ඇති බවත් ඔවුන්ගෙන් වෛරසය සම්ප්‍රේෂණය වී ඇති පුද්ගලයින් බහුතරයක් අදාල සාමාජිකයින්ගේ නිවැසියන් සහ අසල්වැසියන් වන බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේය.

කෙසේ වුවත් නාවික හමුදා සාමාජිකයින්ගේ සමීප ස්පර්ශකයින්ට ඉදිරියේදී වෛරසය වැළඳී ඇත්ද යන අවධානම ගැන සෞඛ්‍ය හා බුද්ධි අංශ සාමාජිකයින් අවධානයෙන් පසුවන බව අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියේය

“නාවික සෙබළුන් සමීපව ඇසුරු කර තිබු අය කවුරුන්ද කියා හඳුනා ගෙන ඔවුන්ව නිරෝධායනයට යොමු කරලා තිබෙනවා. නමුත් ඉදිරියේදී පොකුරු (Cluster) වශයෙන් වෛරසය පැතිරීමේ අවධානමක් තිබෙනවාද කියා දැන්ම කියන්න බැහැ. නමුත් අපි අවධානයෙන් පසුවනවා” යැයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස