කොරෝනා අළුගසා දමා ආර්ථිකය පිබිදෙයි! කොටස් වෙළෙඳපොළ දැවැන්ත වර්ධනයක්!

May 18, 2020 at 4:56 pm | by emanisa.lk

කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද(18) දින දැවැන්ත වර්ධනයක් වාර්තා කර තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 167.81 කින් ඉහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව 3.78% ක වර්ධනයකි.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 92.20 කින් ඉහළ ගියේ 5.25% ක වර්ධනයක් සමඟිනි.

මෙය 2012 වසරේ S&P SL20 දර්ශකය හඳුන්වා දුන් දින සිට මේ දක්වා කාලය තුළ තනි දිනක් තුළ දී ඉහළ ගිය වැඩිම ප්‍රතිශතාත්මක වර්ධනය වේ.

දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,606.85 ක් හා S&P SL20 දර්ශකය ඒකක 1.847.71 ක් වශයෙන් වාර්තා විය.

අද දින ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියනයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස