කොරෝනා අසාදිතයන් ලංකාවට එවන්නේ නෑ! ඒ නිසා චීන ජාතිකයන්ට වෙනස්කම් එපා!- චීන තානාපති කාර්යාලය

February 3, 2020 at 7:22 am | by emanisa.lk

කොරෝනා නව වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඊයේ (2) නිවේදනයක් නිකුත් කර තිබුණි.

වර්තමානයේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පැතිර යන අසත්‍ය ප්‍රකාශ සහ ශ්‍රී ලංකා රජය චීනයට ලබා දී ඇති සහයෝගය පිළිබඳව එහිදි දීර්ඝ වශයෙන් සඳහන් කර ඇත.

අදාළ වෛරසය පැතිර යන චීනයේ හුබෙයි ප්‍රාන්තයේ ජනතාවට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම තාවකාලිකව නතර කරන ලෙසට දැනුම් දී ඇති බවත් අනෙක් පළාත්වල ජනතාව ද ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම් අවම වශයෙන් දින 14ක කාලයක් නිරෝධායන කටයුතු සිදුකළ යුතු බවට දැනුම් දී ඇති බවත් එහි සඳහන්ය.

ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයින් ප්‍රතික්ෂේප කිරීමට ඇතැම් පුද්ගලයින් කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවත් එවන් ක්‍රියාමාර්ගවලට නොගොස් සාමාන්‍ය ආකාරයෙන් ඔවුන්ට සලකන ලෙස ද චීන තානාපති කාර්යාලය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස