කොරෝනා අවධානම් රටවල් 11කට ලංකාව තහනම්! රටවල් ලැයිස්තුව මෙන්න!

March 13, 2020 at 5:26 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් රටවල් 11ක් සඳහා සංචාරක තහනමක් පැනවීමට රජය තීරණය කර තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කළේ මේ වන විටත් ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල් සඳහා මෙම තහනම පනවා ඇති බවයි.

එම තහනම හෙට (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඊට අමතරව ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය, ඔස්ට්‍රියාව යන රටවල් සඳහා ද ලබන 15 වන දින රාත්‍රියේ සිට සංචාරක තහනම පැනවීමට තීරණය කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.

ඒ අනුව ලබන 15 වන දින මධ්‍යම රාත්‍රියෙන් පසුව එම රටවල්වල සිට කිසිදු පුද්ගලයෙකුට මෙරටට ඇතුළු වීමට ඉඩ ලබානොදෙන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස