කොරෝනා අභියෝගයට රට සූදානම්! ආයෝජන කලාපවල කම්හල් 286න් 249ක් දැනටම විවෘතයි!

May 10, 2020 at 11:41 am | by emanisa.lk

කොරෝනා ව්‍යාප්තිය අවම කිරීම සඳහා ඇඳිරිනීතිය පැනවීමත් සමග වසා දැමුණු ආයෝජන සැකසුම් කලාපවල පිහිටි කර්මාන්තශාලා 249ක් පසුගිය සතිය වන විට නැවත විවෘත කිරීමට හැකි වූ බව විෂයභාර ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි අපනයන සැකසුම් කලාප 12 තුළ කර්මාන්ත ශාලා 286ක් ඇති අතර තවත් ඉන් විවෘත කිරීමට ඇත්තතේ හතළිහකට අඩු ප්‍රමාණයකි.

මෙම කර්මාන්තශාලාවල එක්ලක්ෂ තිස්හත්දහසක් පමණ සේවය කරති. නියමිත සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් විවෘත කර ඇති කර්මාන්ත ශාලාවල සේවකයින් තුනෙන් එකක සංඛාවක් වැඩකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව සේවකයින් පනස්දහසක් පමණ මේ වන විට සේවයට පැමිණ ඇති බව සදහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස