කොරෝනාවට දෙවි පිහිට පැතූ කත දේවාලය තුළ ම මැරී වැටෙයි…!

September 16, 2021 at 7:49 am | by emanisa.lk

කොවිඩ් වෛරසය සඳහා දෙවියන්ගේ පිහිට පැතූ කාන්තාවක් දේවාලය තුළ ම මිය ගොස් ඇති බව අඹේපුස්ස බලතව, කැබැල්ලවිට ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ රේණුකා දමයන්ති (53) නමැති පූර්ණ ආබාධිත කාන්තාවකි. මෙම මියගිය කාන්තාව මීට පෙර කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලබා දින කිහිපයක් ගත වී ඇති බවද පැවසේ. නැවතත් මෙම කාන්තාවට 14 දින සවස්වරුවේ හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් ඇයගේ සහෝදරිය විසින් කැබැල්ලවිට ප‍්‍රදේශයේම පිහිටි දේවාලයක් වෙත මෙම කාන්තාව රැගෙන ගොස් ඇති අතර සෙත් ශාන්තියක් කරදෙන ලෙස එම දේවාලයේ මෑණියන්ට පවසා ඇත.

නමුත් දේවාලයේ මෑණියන් පවසා ඇත්තේ තමාට මේ සම්බන්ධව කිසිවක් කළ නොහැකි බවත්, හැකි විගසින් මෙම රෝගී කාන්තාව රෝහල කරා රැගෙන යන ලෙසත්ය. නමුත් මියගිය කාන්තාවගේ සහෝදරියගේ බලවත් ඉල්ලීම මත දේවාලයේ මෑණියන් විසින් මෙම කාන්තාවට සෙත් ශාන්තිය සිදු කිරීමට පියවර ගෙන ඇත.

එම අවස්ථාවේදී මෙම කාන්තාව සිහිසුන් වී ඇති අතර එසැණින් මීරිගම රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව මීරිගම පොලීසිය පවසයි. පසුව කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් අනතුරුව මෙම කාන්තාවට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස