කොරේ පිටට මරේ….! ආනයනික කිරිපිටි සමඟ දේශීය හයිලන්ඩ් සහ පැලවත්ත කිරිපිටි මිලත් ඉහළට…!

October 15, 2021 at 12:56 pm | by emanisa.lk

හයිලන්ඩ් කිරිපිටි මිල හෙට (15) සිට ඉහළ දමන බව මිල්කෝ ආයතනය මගින් නිවේදනය කර තිබේ.

ඒ අනුව හයිලන්ඩ් කිරිපිටි කිලෝවක මිල රු. 250කින් ද ග්‍රෑම් 400ක මිල රු. 90කින් ද ඉහළ යනු ඇත.

හෙට සිට හයිලන්ඩ් පිටි කිලෝවක් රු. 1170ක් ද ග්‍රෑම් 400ක් රු. 470ක් ද වෙයි.

මේ අතර පැලවත්ත කිරි සමාගම ද ග්‍රෑම් 400 කිරි පැකට්ටුව රු. 80කින් ඉහළ දමා ඇති අතර දැන් එහි මිල රු. 460කි.

මේ වන විට ආනයනික කිරිපිටි කිලෝවක් රු. 1180ක් ද ග්‍රෑම් 400ක් රු. 480ක් ද වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *