කොරියාවෙන් පැමිණ 4ක් ස්වේච්ඡාවෙන්ම නිරෝධායනයට එක්වෙති!

March 16, 2020 at 12:13 pm | by emanisa.lk

දකුණු කොරියාවේ සිට පැමිණ කටුනායක ගුවන් තොටුපළින් සිය නිවෙස් කරා ගොස් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ස්වේච්ඡාවෙන් නිරෝධායන කටයුතු සඳහා යොමුව තිබේ.

ඔවුන් ඊයේ (15) රත්නපුර මහ රෝහල වෙත භාර වූ බව පොලීසිය ප‍්‍රකාශ කරයි.

මේ අතර ඉකුත් 01 වැනිදා සිට 09 වැනිදා දක්වා දිවයිනට පැමිණි පුද්ගලයින් වේ නම් නිරෝධායනය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් ද කර තිබිණි.

එලෙස දිවයිනට පැමිණි පුද්ගලයින් පිළිබඳ තොරතුරු දන්නේ නම් 117 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස