කොන්ද කෙළින් තියෙන ජනාධිපති අපේක්ෂකයෙක් දෙන්න! එජාප පාක්ෂිකයෙක් රනිල්ගේන් ඉල්ලයි! (video)

August 13, 2019 at 1:21 pm | by emanisa.lk

ඊයේ (12) අගමැති රනිල් වික්‍රමසිංහ උත්සව සභාවක් අමතා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමට යාමේ දී පාක්ෂිකයෙක් ඊට බාධා කරමින් අදහස් දැක්වීය.

ඔහු ප්‍රකාශ කළේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට සිනාසීමට අපට උවමනා නැති බවත් මෙවරවත් පක්ෂයෙන් කොන්ද කෙළින් ඇති ජනාධිපති අපේක්ෂකයෙක් ලබා දෙන ලෙසය.

එවිට අගමැතිවරයා ප්‍රකාශ කළේ මෙහි සිටින සියලු දෙනාගේ කොන්ද කෙළින් ඇති බවය. මෙහිදී ගෝඨාභය රාජපක්ෂ සමච්චලයට ලක් කිරීමට උත්සාහ කළ අගමැතිවරයාට බලවත් අපහසුතාවකට ලක්වීමට සිදු විය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස