කොන්දොස්තර නොමැතිව බස් මගී ප්‍රවාහනයට…! මගීන්ට මුදල් දමා යන්න රියදුරු අසල පෙට්ටියක්…!

October 21, 2021 at 9:54 pm | by emanisa.lk

බස් රථවල ආදායම අඩුවීම සහ සේවකයන් නොමැතිවීම පිළිබඳව අවදානය යොමු කර කොන්දොස්තරවරයා නොමැතිව බස් රථ ධාවනය කිරීමට අවසර දෙන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඉල්ලයි.

ඒ සඳහා මෝටර් රථ ආඥා පනත සංශෝධනය කරන ලෙස හෙතෙම ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට යෝජනාවක් ඉදිරිපත් කළ බව ද පවසයි.

සේවක හිඟය නිසා දැනටමත් බස් රැසක් කොන්දොස්තර නොමැතිව ධාවනය කරන බව කී සභාපතිවරයා මෝටර් රථ ආඥා පනතේ කොන්දොස්තර හෝ සහයකයෙක් සහිත කියන වගන්තිය සහිත හෝ රහිතව ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා සිටි බව ද සඳහන් කළේය.

එසේ වුවහොත් රියදුරු මහතා අසල මුදල් ලබා ගැනීමට පෙට්ටියක් සකස් කරන බවත් ජනතාව අවංකව කටයුතු කරනු ඇති බවට විශ්වාස කරන බවත් ගැමුණු විජේරත්න වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *