කොත්මලේ වීරයා රිස්වාන්ට ආණ්ඩුකරුගෙන් උපහාර!

May 23, 2020 at 6:20 pm | by emanisa.lk

ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය හා සම්බන්ධ ජලාශයේ දී 2020 මැයි මස 21 වන දින අවාසනාවන්ත අයුරින් ජලාශයට වැටී ජීවිතය දැඩි අනතුරුදායක අඩියක පසු වූ කාන්තාවගේ ජීවිතය බේරා ගැනීමට යාමේදී සිය ජීවිතය අහිමිවූ තලවකැලේ ලිඳුල රත්නගිරි ග්‍රාමයේ පදිංචි එච්.කේ. රිස්වාන් තස්ලිම් ජාතික තරුණයා වෙනුවෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඤ ලලිත් යු. ගමගේ සිය උත්තමාචාරය පුදකරයි.

මෙම තරුණයාගේ දේහය තැන්පත් කොට ඇති තලවකැලේ ලිඳුල රත්නගිරි ග්‍රාමයේ පිහිටි නිවාසය වෙත ආණ්ඩුකාර ලේකම් එම්.ජි.ඒ.තිලකරත්න ඇතුළු කණ්ඩායමක් (22) දින ආණ්ඩුකාරවරයා නියෝජනය කරමින් එතුමන්ගේ විශේෂ උපහාර තිළිණයක් පිරිනැමීම සහ දේහය පිළිබද අවසන් කටයුතු සදහා විශේෂ මුල්‍යමය ප්‍රදානයක් සිදුකරනු ලැබිය.

මෙහිදී ආණ්ඩුකාරවරයාගේ ශෝකය සහ මෙම තරුණයාගේ ක්‍රියාව මහත් ඇගයීමට ලක්කරනු ලැබූ අතර, තවදුරටත් මෙම ක්‍රියාව සඳහා සහභාගී වූ ලිඳුල පොලිස්තානාධිපතිතුමා ඇතුළු ඒ පිරිසගේ කැපයිම ඇගයීමට ලක් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස