කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය සඳහා සිසුන් 1000කට ආසන්න පිරිසකගෙන් අයඳුම්පත් ලැබී ඇතැයි වාර්තා වෙයි.
මෙම අධික ඉල්ලුම නිසා ම ඊට බඳවා ගන්නා සිසුවෙකුගේ Z ලකුණ 1.6 දක්වා ඉහළ ගොස් තිබේ.
ඇතැම් රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගන්නා අවම Z ලකුණ 1.3ක මට්ටමක පවතියි.
මේ සමග තවත් විශාල පිරිසකට වෛද්‍ය උපාධිය ලබා ගැනීමට අවස්ථාව හිමි වන අතර වාර්ෂිකව වෛද්‍ය උපාධි සඳහා පිට රටට ගලා යන විශාල මුදලක් ඉතිරි වන බව විද්වතුන්ගේ මතයයි. එසේ ම විදෙස් සිසුන්ට උපාධි හැදෑරීමේ අවස්ථාව ලබා දීම මගින් විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රට තුළට ගලා ඒම ද සිදුවෙයි.