කොතලාවල පනත වහාම හකුළා ගනු…! එය අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමක්…! – අනුර….

July 17, 2021 at 7:28 pm | by emanisa.lk

කොතලාවල විශ්වවිද්‍යාල පනත නිදහස් අධ්‍යාපනයටත් අධ්‍යාපනයේ නිදහසටත් බලපෑම් කරන විශාල ඛේදවාචකයක් විය හැකි හෙයින් එය වහාම හකුළා ගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

ඒ, අද (17) ජාතික ජන බලවේගය විසින් කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවති උද්ඝෝෂණය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

”කොතලාවල පීඨය ආරම්භ කළේ විශේෂයෙන් හමුදාවට අවශ්‍ය වන වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ඇතුළු සහායක බලකායන් නිර්මාණය කරන්න. එය කිසිසේත්ම අපේ රටේ පොදු අධ්‍යාපන ක්‍රියාවලියේ ආයතනයක් නොවෙයි.

ඕනෑම රටක තමන්ගේ හමුදාවට අවශ්‍ය වෙන නිලධාරීන් සහ අනෙකුත් සහායක පුහුණුකරුවන් සඳහා අධ්‍යාපන පීඨයන් තිබෙනවා. නමුත් අද ආණ්ඩුව උතසහ කරමින් තිබෙන්නේ එය අපේ රටේ ප්‍රධානම අධ්‍යාපන මධ්‍යස්ථානය බවට පත්කරන්න. එය අපේ රටේ අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *