කොතලාවල පනත අගෝස්තු 03 වෙනිදා සම්මත කරගන්නවා…! – ජනපති….

July 21, 2021 at 7:37 am | by emanisa.lk

මතභේදයට තුඩු දී ඇති කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත අගෝස්තු මස තුන් වැනි දා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් අගෝස්තු මස දෙවැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ. මේ සම්බන්ධයෙන් රටේ වැරැදි මතයක් ඇති වී ඇතැයි ද එය නිවැරදි කළ යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා කියා ඇත.

මෙකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දිනක විවාදයක් පවත්වා යළි විවාදයට ගැනීම අගෝස්තු මස තෙවැනි සතිය දක්වා කල් දැමුණේ ඊට එල්ල වූ විරෝධය මත ය.

මේ අතර පසුගිය සිකුරාදා (16 වැනිදා) පැවති බෞද්ධ උපදේශක කාරක සභාවේ දී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මෙම සරසවිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත් කරන බව ය.

– aruna

 
 


Leave a Reply

Your email address will not be published.

මුල් බිස්ස