කොතලාවල පනතට ආණ්ඩුව ඇතුලේ ගැටුම්…! සම්මත කිරීම ආපසු පස්සට යයි…?

August 3, 2021 at 9:20 am | by emanisa.lk

ඊයේ (02) අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සාකච්ඡාවට ගැනීම සමඟ උණුසුම්ව ඇතැයි වාර්තා වෙයි.

එහි දී පනතට එරෙහිව සුසිල් ප්‍රේමජයන්ත, ගෙවිඳු කුමාරතුංග, ප්‍රේමනාත් ශ්‍රී දොලවත්ත සහ වීරසුමන වීරසිංහ අදහස් දක්වා ඇති අතර පනතට පක්ෂව අරුන්දික ප්‍රනාන්දු ඇතුළු පිරිසක් අදහස් දක්වා තිබේ.

පනත පිළිබඳ වැඩි දුරටත් සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා ඇමැති මණ්ඩල කමිටුවක් පත්කරන බවත් එතෙක් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවත් අගමැතිවරයා එහි දී දැනුම් දී තිබේ.

කෙසේ වුව ද කොතලාවල පනත් කෙටුම්පත් දෙවැනි වර කියවීමේ විවාදය අගෝස්තු 06 වන දා සිදුවන බවට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ද ඇතුළත්කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *