කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට විමල් පිල එරෙහි වෙයි…!

July 11, 2021 at 7:39 am | by emanisa.lk

පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ ඡන්දය පාවිච්චි කරන බව අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර ප්‍රකාශ කරයි.

අදාල පනතෙහි ඇති භයානක ප්‍රතිපාදන අතරින් වඩාත්ම භයානක ප්‍රතිපාදනය වන පෞද්ගලික වෛද්‍යවිද්‍යාල ඇති කිරීමට ඉඩකඩ සලසන ප්‍රතිපාදන ඉවත් නොකරන්නේ නම් ජාතික නිදහස් පෙරමුණ එම පනතට එරෙහිව ඡන්දය පාවිච්චි කරනා බවත් මේ සම්බන්ධයෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ වෙත සෘජුවම ප්‍රකාශ කළ බව ඔහු පවසයි.

අදාළ පනතට එරෙහිව එල්ල වූ විරෝධය හමුවේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ කටයුතු එලැඹෙන අගෝස්තු මාසය දක්වා කල් දැමුණු අතර කිසිදු ආකාරයකින් පෞද්ගලික වෛද්‍යවිද්‍යාල පිහිටු වීමට ජාතික නිදහස් පෙරමුණ එකඟ නොවන බව ඇමැතිවරයා තව දුරටත් ප්‍රකාශ කර සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *