කොතලාවලට බිලියන 36ක් දුන් කතාව බොරු….! – කොතලාවල උපකුලපති…

August 6, 2021 at 12:05 pm | by emanisa.lk

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සඳහා ආණ්ඩුව 2021 අයවැයෙන් රු. බිලියන 36ක් ලබා දුන් බවට පැතිර යන කතාවල කිසිදු සත්‍යයතාවක් නැතැයි එහි උපකුලපතිවරයා වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් නියෝජ්‍ය උප කුලපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්. චන්ද්‍රසිරි පවසයි.

2013 වසරේ සිය විශ්වවිද්‍යලයට ශික්ෂණ රෝහලක් ස්ථාපිත කිරීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව මගින් බිලියන 35ක ණයක් ලබා ගත් අතර එය 2023 වසරේ සිට ගෙවීමට සූදානම් බවත් එහි දැක්වෙයි.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික පසුගිය සමයේ ප්‍රකාශ කළේ කොතලාවල විශ්වවිද්‍යාලයට 2021 අයවැයෙන් බිලිය 36ක් ලබා දෙන විට සෙසු සමස්ත විශ්වවිද්‍යාල සඳහා ලබා දී ඇත්තේ බිලියන 21ක් පමණක් බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස