කොටි සැමරුම් වාර්තා ගැන අහන්න අරුණ උප කර්තෘත් CIDයට….!

January 6, 2025 at 10:06 am | by emanisa.lk

අරුණ පුවත්පතේ උප කර්තෘ තුෂාර උඩවත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල විසින් කළ පැමිණිල්ලකට අනුව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ය.

උතුරේ මහවිරු සමරු සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයක් අරුණ පුවත්පත විසින් වැරදි සහගත ලෙස පළකර ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවය.

මේ සම්බන්ධයෙන් පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම සහ එම පුවත්පතේ පොලිස් සහ අධිකරණ වාර්තාකරු එස්. අස්ලම් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

එම පුවතේම මාතෘකාව යෙදූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා පුවත්පතේ උප කර්තෘ තුෂාර උඩවත්ත අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති බව සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *