මත්කුඩු ජාවාරම්කාරයන් සහ පාතාළ ක්‍රියාකාරීන් කොතැන සිටියත් අත්අඩංගුවට ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
“මම කියන්නේ කුඩු විකුණන අයට සහ පාතාළේ අයට අපි තිබුණටත් වඩා තදින් ඉදිරියට ක්‍රියා කරනවා. පොලීසියත් STF එකත් මොවුන් පසුපස හඹා යනවා. කොහේ හිටියත් අල්ලනවා.
අතුරුගිරිය සිද්ධියේ අපි අත්අඩංගුවට ගත යුතු බොහෝ දෙනා අරන් තියෙන්නේ. මං හිතන්නේ තව දෙන්නයි ගන්න තියෙන්නේ. ඇඹිලිපිටියේ වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා සහ රයිඩ යන දෙන්නම අත්අඩංගුවට ගත්තා.
අම්බලන්ගොඩ වෙඩිතැබීමේ ඊයේ වෙද්දි අත්අඩංගුවට අරන් ඉවරයි. සිද්ධිය වෙන එක නවත්ත ගන්න බැරි වෙන්නේ එල්.ටී.ටී.ඊ යුද්ධයෙන් පස්සේ එළියට ගිය ආයුධ තියෙන්නේ.”
ඇමැති අලස් මේ බව සඳහන් කළේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ අද (18) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.