කොටි පරාද වුණේ රනිල් ආර්ථිකයක් හැදූ නිසයි…! අධිවේගී මාර්ග සංචාරක කලාප සියල්ලත් රනිල්ගේ…! – අකිල…

September 7, 2022 at 11:37 am | by emanisa.lk

2001 වසර වන විට ආර්ථික අර්බුදයක ගිලී ඍණ මට්ටමට වැටුණු රට නැවත ගොඩනැඟූවේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන ආ යළි පුබුදමු ශ්‍රී ලංකා (Regaining Sri Lanka)වැඩසටහන යටතේ බව හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

එහිදී ජපානයෙන් රු. කෝටි 45 000ක ණය මුදලක් ලබා ගැනීමටත් රට පුරා අධිවේගී මාර්ග, සංචාරක කළාප ඇති කිරීමටත් හැකි වූ බවයි, හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

වේළුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි සංවිධානය පරාජය කිරීමට හැකි වූයේ එවක අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ආර්ථිකය ගොඩනැඟූ නිසා බව ද අකිල විරාජ් අවධාරණය කළේය.

එජාප 76 වන සංවත්සර සමුළුව අමතමින් ඊයේ (06) ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *