කොටි පරදන සටනේ මූල්‍ය යුද්ධය කළේ කබ්රාල්…! මේ වෙලාවේ මහ බැංකුවට ඕන කබ්රාල් තමයි…! – මහ බැංකු හිටපු නියෝජ්‍ය අධිපති….

September 14, 2021 at 8:53 am | by emanisa.lk

නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඉතා ම හොඳ පරිපාලන නිලධාරියෙකු බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන පවසයි.

තමන් කබ්රාල් යටතේ වසර ගණනාවක් මහ බැංකුවේ සේවය කළ බවත් එහි දී ඔහුගේ හැකියාවන් හඳුනාගත් බවත් ආචාර්ය විජේවර්ධන සඳහන් කරයි.

විවිධ අදහස් උදහස් සහිත කණ්ඩායම් සමග කිසිදු ගැටුමක් ඇති කර නොගෙන යම් ඉලක්කයක් කරා යාමේ සුවිශේෂ හැකියාවක් කබ්රාල්ට ඇති බව ඔහු පෙන්වා දෙයි. මෙවැනි අවස්ථාවක මහ බැංකුවට උවමනා එවැනි හැකියාවන්ගෙන් අනූන අධිපතිවරයෙකු බව ද හෙතෙම අවධාරණය කරයි.

2008-9 වන විට බෙදුම්වාදය පරදන සටනෙහි සෙබළුන් නිරත වන අවස්ථාවේ දැඩි ආර්ථික අර්බුද මැද කබ්රාල් ඇතුළු කණ්ඩායම අවශ්‍ය අවි ආයුධ මිලයට ගෙන දීමට මහ බැංකුව තුළ මූල්‍ය යුද්ධයක් (Financial War) සිදුකළ බවත් මෙතෙක් කිසිවෙකු ඒ පිළිබඳ ඇගයුමක් කර නොමැති බවත් ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන වැඩි දුරටත් අනාවරණය කරයි.

ගුවන්විදුලි නාලිකාවකට ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස