කොටි ත්‍රස්තවාදයෙන් මව්බිම නිදහස් කරගෙන අදට දස වසරයි!

May 18, 2019 at 8:10 am | by admin

වසර 30ක් පුරා අප රට මුහුණ දුන් කොටි ත්‍රස්තවාදයේ පරාජය සනිටුහන් කළේ 2009 වසරේ මැයි මස 18 වෙනිදාය. කොටි නායක ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ මරුමුවට පත්වීමත් සමගය.

ඒ සඳහා ත්‍රිවිද හමුදා සිවිල් ආරක්ෂක බලකා සහ පොලිස් රණ විරුවන් අසීිමිත කැප කිරීමක් කළ අතර මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව දේශපාලන නායකත්වය ලබා දුන්හ.

පුදුමාතලන් යුද මුක්ත කලාපයේ මිනිස් පලිහක් ලෙස යොදා ගත් ලක්ෂ ගණනක් ජීවිත ආරක්ෂා කරගෙන ඒ මිනිසුන් රැක ගැනීම උදෙසාම තවත් අමතර ජීවිත සිය ගණනක් අත්පා ඇස් ඉස් මස් දන් දෙමින් දියත් කළ මහා මානුෂික මෙහෙයුම සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාට නිදහස උදා කරදෙමින් නිමාවට පත් වූ දිනය අදය.

ඒ සමග මේ රට වසා ඉතිරි පැතිර ගිය යුද බිය තුරන් වීම රට සතර අත සැමරුවේ ප්‍රීති ඝෝෂා කරමිනි. කිරිබත් කමිනි. දන්සැල් දෙමිනි. පෙළපාලි යමිනි. 2010 වසරේ සිට එම මහා විජයග්‍රහණය සතියක් පුරා මුළු රටම එක්ව උත්සවශ්‍රීයෙන් සැමරුවේය. ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව ලැබුණු අතර නැවත හිස එසවීමට කොටි සංවිධානය දැරූ උත්සාහයන් කිහිපයක් ජනතාවට ඉඟියක් හෝ නොදී නිෂ්ක්‍රීය කර දැමිණි.

එහෙත් 2015 වසරේ ආණ්ඩු මාරුව සමග සියල්ල කනපිට හැරිණි. සංහිඳියාව නාමයෙන් එම විජයග්‍රාහී සැමරුම නතර කර දැමිණි. ජාතික ආරක්ෂාව යට කරගෙන ප්‍රජාතන්ත්‍රවාදය මානව අයිතිවාසිකම් ඉහළට එසවිණි. අවසානයේ ජාතික ආරක්ෂාව ද ප්‍රජාතන්ත්‍රවාදය මානව අයිතිවාසිකම් ද පාස්කු බෝම්බ මාලාව සමග පුපුරා ගියේ මිනිස් ජීවිත සිය ගණනක් අහිමි කරමින් 2009ට පෙර අඳුර යුගයට රටම මොහොතින් ඇද දමමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස