කොටි චෝදනා යටතේ තවමත් සිරගත පිරිසට යුක්තිය ඉටු කරන්න…! – නාමල්…

June 22, 2021 at 10:42 pm | by emanisa.lk

කොටි සංවිධානයට සම්බන්ධ බවට සැක පිට නඩු නිමිත්තක් පවා නැතිව විශාල පිරිසක් සිරගතව සිටින බව ඇමැති නාමල් රාජපක්ෂ පවසයි.

ලංකාවේ එක්තරා ප්‍රභූවරයෙකු ඝාතනය කිරීමේ නඩුවක ප්‍රධාන සැකකරු සමාව ලැබ ගෙදර ගොස් ඇති බවත් ගසක අත්තක් කැපූ පුද්ගලයා වැරදිකරු බවට පත්ව තවමත් සිරදඬුවම් විඳින බවත් ඇමැතිවරයා හෙළිකරයි.

කොටි පරාජය කළ පසු 12500ක් කොටි සාමාජිකයින් පුනරුත්ථාපනය කර ඉන් 3500ක් සිවිල් ආරක්ෂක බලකායට බඳවා ගත් බවත් ඉතිරි පිරිස දෙස ද සානුකම්පිතව බැලිය යුතු බවත් ඔහු අවධාරණය කළේ ය.

මේ පිරිස සඳහා නීතිපතිවරයා මාර්ගයෙන් හෝ වෙනත් පුනරුත්ථාපන ක්‍රියා මාර්ගයක් ඔස්සේ සාධාරණයක් ඉටු කරන මෙන් ඇමැති නාමල් රාජපක්ෂ ඉල්ලා සිටියේ ය.

සිරගත කළ කණ්ඩායම් විඳින දුක පිළිබඳ තමන්ට ප්‍රායෝගික අත්දැකීමක් පහුගිය ආණ්ඩුව විසින් ලබා දුන් නිසා එහි යථාර්ථය තමා දන්නා බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

අද (22) පාර්ලිමේන්තුවේ දී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස