කොටි අහිංසක ළමයි පැහැරගෙන අන්තිම යුද්දෙට බිලි පූජා කළා..! උතුරේ දේශපාලකයින්ගෙන් දෙමළ ජනතාවට සැබෑ සේවයක් වෙන්නේ නෑ…! – හිටපු කොටි සාමාජිකාවකගේ හෙළිදරව්ව….

April 15, 2021 at 9:27 am | by emanisa.lk

කොටි සංවිධානය උතුරේ ළමයි පැහැරගෙන ගොස් යුද්ධය සඳහා යොදා ගත් හිටපු කොටි සාමාජිකාවක වන රාධිකා පද්මනාදන් හෙළි කරයි.

එම යුද්ධයට මැදි වූ කිසිම අත්දැකීමක් නැති එම ළමා සෙබළ කණ්ඩායම් නිකරුණේ මිය ගිය බව ද ඇය අනාවරණය කරයි.

සංහිඳියාව යනු කොළඹ කෝවිල් ඉදිකරමින් යාපනේ පන්සල් තැනීම නොවන බව ද ඇය පෙන්වා දෙයි. උතුරේ තමන් මෙන් ම දකුණේ ජනතාව ද බියෙන් සහ සැකයෙන් ජීවත් වීම යුද්ධය දක්වා දුරදිග ඇදී ගිය බවත් රාධිකා සඳහන් කරයි.

උතුරේ දේශපාලකයින්ගෙන් ජනතාවට විය යුතු සේවයෙන් සිදුවන්නේ 10%ක් පමණක් බව ද ඇය කියයි.

තමන් කුමක් සඳහා යුද්ධ කළේ ද යුද්ධය කෙතරම් නිරර්ථක ද යන්න තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන විට අවබෝධ වූ බවත් තමා මේ වන විට කොළඹ ජීවත් වන බවත් රාධිකා පවසයි.

තමාගේ පාසල් වැඩි පිරිසක් මිතුරු මිතුරියන් යුද්ධයෙන් මිය ගියේ ද කියාවත් නොදන්නා බවත් අද දකුණේ සිංහල මිතුරු මිතුරියන් සමඟ ඔවුන්ගේ ආදරය ලබමින් අද ජීවත් වන බවත් ඇය ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *