කොටි අවු. 20-30 හිරේ දුක් විඳිද්දී කරුණා පාර්ලිමේන්තුවේ! මෙික තමයි ඊනියා දේශප්‍රේමය!- ජවිපෙ

June 22, 2020 at 5:55 pm | by emanisa.lk

එකම කඳවුරක් සිංහල ජන්ද ලබා ගැනීම වෙනුවෙන් කොටි ඝාතන පිළිබඳවත් දෙමළ ජන්ද ලබා ගැනීම වෙනුවෙන් හමුදා සොල්දාදුවන් ඝාතනය කිරීම පිළිබඳවත් උජාරුවෙන් කතා කරන තත්ත්වයක් මතුවී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර දිසානායක පවසයි.

එයින් පෙන්නුම් කරන්නේ රාජපක්ෂ කඳවුර ඊනියා දේශප්‍රේමීන් බවත් ඔවුන්ට සියල්ල බලය හමුවේ යටපත් කළ හැකි බවත් බලය වෙනුවෙන් ඕනෑම කණ්ඩායමක් ඒකරාශී කරගත හැකි බවත් යන්න ජවිපෙ නායකයා පැහැදිලි කරයි.

ඒ අනුව ඔවුන් දේශප්‍රේමීත්වයට වඩා බලලෝභිත්වයෙන් පිරුණු කණ්ඩායමක් බව තවදුරටත් ඔප්පුකරමින් හිදින බව ඔහු සඳහන් කරයි.

එල් ටී ටී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ ඇතැමුන් වසර 20-30 රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන තත්ත්වයක හමුදා සොල්දාදුවන් දහස් ගණනක් මරා දැමු බවට පවසන මහින්ද රාජපක්ෂට හිතවාදීන් ජනතා නියෝජිතයින් බවට පත්වෙමින් තිබීම තුළින් කියවෙන්නේ රාජපක්ෂ කඳවුරට හිතවාදී නම් නීතිය ක්‍රියාත්මක නොවන බවත්, ඔවුන් දේශප්‍රේමීන් බවත් යන්න අනුර දිසානායක ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් කරුණා අම්මාන්ගේ මෙම ප්‍රකාශය ගැන ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් ස්ථාවරය වහාම රටට හෙළි කළ යුතු බවට අවධාරණය කරන බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස