කොටින්ට වගේම තවුහිද් ජමාත්ලාටත් පුහුණුව ඉන්දියාවෙන්!

April 28, 2019 at 10:37 am | by admin

පාස්කු ඉරිදා ප්‍රහාරයේ නායකයා ලෙස හැඳින්වෙන තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම් මෙන්ම සෙසු මරාගෙන මැරුණු ප්‍රහාරකයන් ද දකුණු ඉන්දියාවේ පුහුණු ලැබූ බව මෙරට බුද්ධි අංශ මගින් හෙළි කර ගෙන තිබේ.

කෙසේ වුවද ඉන්දියානු බලධාරීන් මේ පිළිබඳ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ. කොටි සංවිධානය ඇතුළු උතුරේ ත්‍රස්ත සංවිධානවලට 1970-80 දශකවල පුහුණුව ලැබුවේ ද ඉන්දියාවේදීය.

ඒ සඳහා ඉන්දියානු ආණ්ඩුවේ ද සහාය ලැබුණු බව ප්‍රකාශ වන අතර අවසානයේ ඉන්දියානු අගමැති රජිව් ගාන්ධි ද එහි ගොදුරක් බවට පත්විය. මේ වන විට ඉන්දියාව ද මුස්ලිම් ත්‍රස්තවාදී ප්‍රහාර අවධානමකට මුහුණ දී සිටින අතර ප්‍රාන්ත කිහිපයකම ආරක්ෂක අංශ සීරුවෙන් තබා තිබේ.

ශ්‍රී ලංකාවට අන්තවාදී මුස්ලිම් ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි අංශ තොරතුරු ලබා දුන්නේ ද ඉන්දියානු බුද්ධි අංශ විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස