කොටින්ට එරෙහි වූ පිල්ලෙයාන්ට හමුදා ආරක්ෂාව දෙනවා දකිද්දි ලැජ්ජයි….! කොටි ත්‍රස්තවාදීන් සැමරූ සුමන්දිරන්ගේ STF ආරක්ෂාව ඉවත් කිරීමට මම විරුද්ධයි….! – ෆීල්ඩ් මාර්ෂල්

February 11, 2021 at 8:41 am | by emanisa.lk

හතර ගාතෙන් දණ ගා ගෙන තම කාර්යාලයට ඇතුළට පැමිණි පිල්ලෙයාන්ට හමුදා ආරක්ෂාව ලබා දී බවත් ඒවා දකින විට තමන්ට ලැජ්ජාවක් දැනෙන බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

එහෙත් හැමදාම ත්‍රස්තවාදයට එරෙහිව කතා කළ හැමදාම ත්‍රස්තවාදයට එරෙහිව සිටගත් සුමන්දිරන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම පිළිගත නොහැකි බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

කොටි ත්‍රස්තවාදියෙකු සැමරීම සහ පොලිසිය තහනම් කළ උද්ඝෝෂණයක් සඳහා යාම නිසා සුමන්දිරන්ගේ ආරක්ෂාව ඉවත් කරන්නේ නම් හමුදාව පොලිසිය ඝාතනය කළ කරුණා සහ පිල්ලෙයාන්ට පොලිස් ආරක්ෂාව ලබා දෙන්නේ කෙසේ දැයි සරත් ෆොන්සේකා, ඇමැති සරත් වීරසේකරගෙන් ප්‍රශ්න කළේ ය.

සුමන්දිරන්ගේ විශේෂ ආරක්ෂාව ඉවත් කිරීම පිළිගත නොහැකි බවත් එය අසාධාරණ බවත් ඔහු සඳහන් කළේ ය. එහි දී ඇමැති වීරසේකර අවධාරණය කළේ ඔහුගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කර නොමැති බවත් සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුට ලැබෙන පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ ආරක්ෂාව හිමි බවත් ය.

ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී මෙම සංවාදය ඇති විය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස