කොකේන් කුඩු අල්ලා ලකුණු දාගන්නා අය ප්‍රහාරයේ වගකීම භාර නොගන්නේ ඇයි? – වෙල්ගම ප්‍රහාරයේ වගකීම ගතයුතු ජනපති බව නොකියා කියයි…

April 24, 2019 at 5:39 pm | by admin

පාස්කු ඉරිදා දින රටට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීම පිළිබඳ වගකිවයුත්තේ කවුරුන්දැයි ආණ්ඩු පක්ෂ විපක්ෂ කවුරුත් දන්නා නමුත් ප්‍රකාශ කිරීමට බිය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.

කොකේන් හා කුඩු අල්ලන විට ලකුණු දා ගන්නා සේ මෙම සිදු වූ වරද පිළිගැනීමට නොහැකි ඇයිද යන්න ගැටලුවක් බවද මන්ත්‍රීවරයා කීවේය.

රටේ ආරක්ෂාව පිළිබඳ බලතල කිසිවක් තමාට හෝ පවරා නොතිබූ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසූ බවද මන්ත්‍රීවරයා කීවේය.

මේ දිනවල මත්ද්‍රව්‍ය මර්දනය කරන්නේ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් බවට ප්‍රබල ප්‍රචාරයක් ගෙන යන අතර ආරක්ෂක ඇමතිවරයා ද ඔහුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස