හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රැගෙන ආ ඖෂධ කාණ්ඩය ද වර්තමාන ඖෂධ සේ ඉන්දියානු ප්‍රමිතිය අනුව පරික්ෂා කළ යුතු බව සබරගමුවව විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ පවසයි.
“ඖෂධ ප්‍රශ්නය ගැන.
NMRA එක කියන විදියට මේව ඖෂධ කාණ්ඩ දෙකක් කියන එක හරි. කෙහෙළියට ප්‍රශ්නය වුණේ පළවෙනි කාණ්ඩය. දෙවැනි කාණ්ඩය තමා තහනමෙන් ඉවත් කරල තියෙන්නෙ.
හැබැයි පළවෙනි එක, ඒ කියන්නෙ කෙහෙළියට ප්‍රශ්නයක් වුණ ඖෂධය තොගය පරීක්ෂා කරල තියෙන්නෙ බ්‍රිතාන්‍ය ප්‍රමිතියට අනුව. ඒත් දැන් මේ තහනම් කරල තිබිල ගිය සතියේ අලුතින් නිදහස් කරපු, දෙවැනි කාණ්ඩයට අයත් තොගය පරීක්ෂා කරල තියෙන්නෙ ඉන්දීය ප්‍රමිතියට අනුව.
ඉන්දියාව ම පරීක්ෂා කරල වාර්තාවක් එවල තියෙනවා. ලංකාව ඒක පිළි අරගෙන. ඒ වාර්තාව මත පදනම් වෙලා මෙයාල ඖෂධය තහනමින් ඉවත් කරලා. ප්‍රශ්නය තියෙන්නෙ කෙහෙළියගේ එක බ්‍රිතාන්‍ය ප්‍රමිතියට කරල, මේක ඉන්දීය ප්‍රමිතියට කරපු එක සහ ඉන්දියාව එවපු වාර්තාවම පිළිගත්ත එක.
කෙහෙළියට ප්‍රශ්නය වැටුණු ඖෂධ කාණ්ඩයත් මේ විදියට ම පරීක්ෂා කළා නම් ප්‍රශ්නයක් නැති වෙන්න තිබුණා. ඒ කියන්නෙ කෙහෙළියට ප්‍රශ්නය වැටුණේ මේ ප්‍රමිති දෙකේ වෙනස නිසා. එහෙනම් දැන් කෙහෙළියට ප්‍රශ්නය වැටුණු එකත් ඉන්දීය ප්‍රමිතියට පරීක්ෂා කරල නිගමනය කරන්න ඔින.”
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ