කෙහෙළිය කොවිඩ් මර්දන සටන අරඹයි…! පුතාටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ රැකියාවක්….!

August 21, 2021 at 12:41 pm | by emanisa.lk

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ලට සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි නව රැකියාවක් ලබා දී තිබේ.

රමිත් රඹුක්වැල්ල ඒ බව සිය ෆේස්බුක් ගිණුමෙහි සටහන් කර තිබේ. ඔහුට හිමිව ඇත්තේ අමාත්‍ය පෞද්ගලික ලේකම් තනතුර ය.

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත්වූයේ පසුගියදා සිදු වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ය.

රමිත් රඹුක්වැල්ල හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන් ම විවිධ අවස්ථාවල ආන්දෝලනයට ලක්වූ චරිතයකි.

ඇමැතිවරයා පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතවරිය සමඟ පැවැත් වූ හමුව සඳහා ද රමිත එකතු විය. එය සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස ඔහුගේ ප්‍රථම රාජතාන්ත්‍රික හමුව විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස