කෘෂිකර්ම ලේකම් ඇතුළු නිලධාරී කල්ලිය කැබිනට් තීන්දුවටත් උඩින් යයි! අමාත්‍යංශය තවමත් ලක්ෂ 200 බැගින් ගෙවමින් සබීතාගේ බිල්ඩිමේ!

January 13, 2020 at 8:56 am | by emanisa.lk

කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එම අමාත්‍යාංශය රාජගිරිය පෞද්ගලික ගොඩනැඟිල්ලේ සිට ගොවිජන මන්දිරයට රැගෙන යාම සඳහා ගත් කැබිනට් තීන්දුවට අනුව කටයුතු නොකරන බව වාර්තා වෙයි.

අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් කැබිනට් තීන්දුව ක්‍රියාත්මක නොකරන්නේ නම් තමන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

යහපාලන ආණ්ඩුව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා මසකට රු. ලක්ෂ 200කට අධික මාසික කුලී පදනම මත රාජගිරියේ පිහිටි සබීතා පෙරේරාගේ සැමියා අයත් ගොඩනැගිල්ලක් ලබා ගත්තේය.

වත්මන් ආණ්ඩුව පත්වූ විගස කෘෂිකර්ම අමාත්‍යංශය නැවත බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයට රැගෙන යාමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවුණි.

කෙසේ නමුත් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුලු නිලධාරීන් පිරිසක් එම අමාත්‍යංශය බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරය වෙත රැගෙන යාම සඳහා ගත් තීන්දුවට අනුව කටයුතු නොකරන බවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස